SRILANKAN NEWS

ලිට්‍රෝ සමාගමේ සභාපතිව ධූරයෙන් ඉවත් කරන්නැයි නියෝග

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තනතුරෙන් ෂලීල මුණසිංහ මහතාව ඉවත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය නියෝග කර තිබේ.

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුව වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතාව ලිට්‍රෝ සමාගමේ විධායක සභාපතිවරයා ලෙස දැරූ සියලු බලතල අත්හිටුවන ලෙස ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට දන්වා තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් පරිපාලන වන සමාගමක්වීම විශේෂත්වයකි. ෂලීල මුණසිංහ මහතාගේ සේවය අත්හිටුවීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා වැඩබලන සභාපතිවරයෙකු පත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයා දන්වා තිබේ.