කොළඹ අන්තර්ජාතික ගුවන් සමුළුව අද සහ හෙට

කොළඹ ගුවන් සමුළුව, ජාතික, කලාපීය සහ ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණු දෙන ගුවන් බලය සම්බන්ධ වූ ගැටලු සහ ආරක්‍ෂක තර්ජන මෙන්ම ස්වභාවික උවදුරු සඳහා ගුවන් බලය යෙදවිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප‍්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සමුළුව අද (12) සහ හෙට (13) දෙදින රත්මලානේදී පැවැත් වේ.

කොළඹ ගුවන් සමුළුව 2017 “Airpower in Addressing Asymmetric Threats”යන්න තේමා කොට ගෙන මෙවර පවත්වනු ලබයි.හමුදා ප‍්‍රධානීන්, තාක්‍ෂණික විශේෂඥයින්, ගෝලීය ප‍්‍රතිපත්ති ආයතන, ලොව පුරා රටවල් නියෝජනය කරනු ලබන රාජ්‍ය තාන්ත‍්‍රිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top