සියඹලාවැව රක්ෂිතයේ සිඳුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

පුත්තලම, කරුවලගස්වැව, සියඹලාවැව රක්ෂිතයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

සියඹලාවැව රක්ෂිතයේ දැව කපමින් සිටි යම් කණ්ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බව වාර්තාවේ. දඩයම් කිරීම සදහා කැලයට ඇතුල් වූ තවත් කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය වැඩිදුර පරික්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top