දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලුම ලංගම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මතුව ඇති මගී ජනතාවගේ ප්‍රවාහන අපහසුතා අවම කිරීම සඳහා ලංගම සේවකයින් නියමිත පරිදි සේවයට වාර්තා කිරීම අනිවාර්යය බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

තම ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තුරු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය රියැදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top