ජනපතිගේ කිලිනොච්චිය සංචාරය නිමිත්තෙන් පාරවල් තාවකාලිකව අලුත්වැඩියා කරයි..

කිලිනොච්චිය අම්පාල්කුලම් ප්‍රදේශයේදී රුපියල් මිලියන 111ක වියදමින් පසුගිය රජය විසින් ඉදිකර දිගු කාලයක් විවෘත නොකර තිබූ කිලිනොච්චිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන 14 වනදා විවෘත කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා පැමිණෙන ප්‍රධාන මාර්ගයට අවට වසර ගණනාවක් තිස්සේ අලුත්වැඩියා නොකර පවතින අතුරු මාර්ග කිහිපයක් තාවකාලිකව අලුත්වැඩියා කරමින් පවතියි. පසුගිය ආණ්ඩු කාලයේදී මෙන් ජනාධිපතිවරයා පැමිණෙන විට පමණක් කඩිමුඩියේ මාර්ග සියල්ල තාවකාලිකව අලුත්වැඩියා කරන බවට ප්‍රදේශවාසීන් පවසති.

දැනට සිඳුකරන මාර්ග අලුත්වැඩියා කටයුතු ද ජනාධිපතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් කෙටි කාලයකට පවතින අයුරින් තාවකාලිකව සිඳුකරන බව පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top