SRILANKAN NEWS

ප්‍රදේශ දෙකක සිඳුවූ රිය අනතුරුවලින් පාසල් දැරියකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්‍ෂයට

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ පන්ලියද්ද ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපස ගමන්ගත් කාන්තාව රෝහල් ගතකරන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

මේ අතර, කුලියාපිටිය , කාර්මික විදුහල අසලදී බිමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් දොළොස් වියැති පාසල් දැරියෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. උපකාරක පන්තියකට යමින් සිටි දැරිය ගමන්ගත් වෑන් රථය ,ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, ලොරි රථයේ රියදුරු බීමත්ව සිටි බවයි පොලිසිය සඳහන් කරයි. දැරියගේ මව වෑන් රථය පදවාඇති අතර එහි සිටි අට හැවිරිදි සොහොයුරාද අනතුරින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරු ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර තිබේ.