යාපනයේ ජනපතිගේ උත්සවයට පැමිණි සිසුන් පිරිසක් ආපසු හරවා යවයි..

යාපනයේ පැවැති ජනාධිපතිවරයාගේ උත්සවයට සහභාගිවීමට ඉඩ නොදී සිසුන් පිරිසක් ආපසු හරවා යවා තිබේ. සමසත් ලංකා දෙමළ භාෂා දිනය අද (14) දින යාපනය හින්දු විදුහලේ දී පැවැත්වුණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවූහ.

ඉකුත් උත්සවය යාපනය හින්දු විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි. කෙසේ නමුත් අද දින ඇතිවූ වැසි තත්වය හේතුවෙන් උත්සව කටයුතු සියල්ල විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සිඳුවූ අතර, ශ්‍රවණාගාරයේදී ඉඩ පහසුකම් නොමැතිවීමෙන් උත්සවයට පැමිණි ගුරුවරුන් හා සිසුන් විශාල පිරිසකට ආපසු යෑමට සිඳුවුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top