SRILANKAN NEWS

ජනාධිපති සමඟ කතා කිරීමට කිසිවක් නැහැ – ගජේන්ද්‍රකුමාර්

ජනාධිපති සමඟ කතා කිරීමට කිසිවක් නැහැ, දේශපාලන සිරකරුවන් පිළිබඳව කිසිඳු කම්මුතියකට ඉඩ ලබා නොදෙන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසයි.

ඊයේ (14) දින ජනාධිපතිට එරෙහිව පැවැති විරෝධතාවයෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

‘ජනාධිපති අපිව සාකච්ඡාවට කැඳවා තිබුණා. අපිව ගත් කළ ජනාධිපති සමග කතා කිරීමට කිසිවක් නැහැ, දෙමළ දේශපාලන සිරකරුවන් ආහාර වර්ජනයක යෙදී ජීවිතක්‍ෂයට පත්විය හැකි තත්වයක සිටිනවා. දෙමළ දේශපාලන පක්‍ෂ වන අපි ඉල්ලා සිටින්නේ දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනා කොන්දේසි රහිතව නිදහස් කල යුතු බවය.‘

නමුත් ආහාර වර්ජනයෙහි නිරතව සිටින සිරකරුවන් ඉල්ලා සිටින්නේ වව්නියාවේ පැවැති නඩු විභාගය තවඳුරටත් වව්නියාවේදීම පැවැත්විය යුතු බවත්, අනුරාධපුරයට මාරු නොකළ යුතු බවය. එයට නිසි පිළියමක් නොගෙන, මෙහි විරෝධතාවයෙහි නිරතවූ ජනතාව අතරට පැමිණ කතා කරමින් හුදෙක් දකුණේ ජනතාව වෙත, දෙමළ ජනතාව මට විරුද්ධව විරෝධතා කරනවා මම විරයෙක් මෙහි විරෝධතාකරුවන් සමඟ කතා කළා යැයි පෙන්වාදීමටය.

මෙහි කතා කරන්න කිසිවක් නැහැ, ඔහු තමන් ගත යුතු තීරණය ගත යුතුයි. සාකච්ඡා කිරීමට කිසිවක් නැහැ, අපගේ අරගලය දිගටම පවත්වාගෙන යනවා, දේශපාලන සිරකරුවන්ගේ නිදහස කෙරෙහි කිසිඳු සම්මුතියක් නැහැ. රජය ත්‍රස්ත මර්ධන පනතා අහෝසි කරන බවට ජාත්‍යන්තරයට පොරොන්දු ලබාදී තවඳුරටත් එය ඉවත් නොකර එම නීතිය යටතේ අත්අඩංගුවට පත්වූවන්ව බන්‍ධනාගාරයේ රඳවා තබාගෙන සිටියි. එමෙන් මේ ගැන සාකච්ඡා කිරීමට කිසිවක් නැහැ, තීරණය ගත යුත්තේ රජයයි“ යැයි ගජේන්ද්‍රකුමාර් වැඩිදුරටත් පවසා තිබේ.