අත්අඩංගුවට ගත් ඉන්දිය ධීවර යාත්‍රා හයක් නිදහස් කරයි..

මෙරට අත්අඩංගුවේ පසු වූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් ඉන්දියාවට යළි භාරදීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් එම ධීවර යාත්‍රා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී එම ට්‍රෝලර් යාත්‍රාවන් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන ‘රාණි ගයිදින්ලිව්’ වෙත භාරදුන් අතර, සැප්තැම්බර් මස 30 වන දින සිට මේ දක්වා, මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවන් අතුරින් යාත්‍රා 26 ක් ඉන්දියානු රජය වෙත භාර දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top