SRILANKAN NEWS

තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

අඹේපුස්ස කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණියක ජීවිතක්ෂයට පත්වී තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, එක් වෑන් රථයක ඇගලුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ අතර එහි ගමන් ගත් කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හය දෙනෙකු අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එහිදී වයස අවුරුදු 25ක් වූ තරුණියක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.