දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර මඩකළපුවේ උද්ඝෝෂණයක්

රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර මඩකළපුවේදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ. ඊයේ (14) දින මඩකළපුව ගාන්ධි උද්‍යහනය ඉදිරිපිට දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මෙම උද්ඝෝෂණය පවත්වා තිබුණි.

කිසිඳු විභාගයකින් තොරව දිගු කලක් තිස්සේ රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ව නිදහස් කරන්නැයි ඉල්ලා උතුරේ පවත්වාගෙන යන අඛණ්ඩ විරෝධතාවයට සහාය පළ කර මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top