දෙවන එක්දින තරඟයේ ජය පාකිස්ථානයට

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම ඊයේ (16) සමත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 09 ක් දැවි ලකුණු 209ක් ලබාගත් අතර, එහිදී බාබර් අසාම් ලකුණු 101ක් ලබාගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 48ක දී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 187ක් පමණයි. සාර්ථක ඉණිමක් ගොඩනැගූ උපුල් තරංග නොදැවී ලකුණු 112ක් ලබාගත්තේය.

මේ අනුව තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට පාකිස්තානය ඉදිරියෙන් සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top