ගුරුවරිය දණගැස්‌වූ පුද්ගලයාට ආසන සංවිධායක ධූරය ලබාදීම ගැන ගුරු සංගමයෙන් විරෝධය

නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වූ ආනන්ද සරත් කුමාර මහතා, ආණමඩුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නව ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට එළඹෙන බව ලංකා ගුරු සංගමය අනතුරු අගවා සිටියි.

ආනන්ද සරත් කුමාර මහතාට ආසන සංවිධායක ධුරයක්‌ ලබාදීම යහපාලන ආණ්ඩුවෙන් කිසිදු විටෙක බලාපොරොත්තු විය නොහැකි බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ඊයේ (17) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top