දිළිඳුකම පිටුදැකීමේ ,ග්රාමශක්ති, ජනතා ව්‍යාපාරය ජනගත කිරීමේ ජාතික උත්සවය හෙට (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව 2030 වර්ෂයේ දී දිළිදුකමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ ඇතිව, ජනාධිපතිතුමාගේ මඟ මගපෙන්වීමෙන් තිරසර සංවර්ධන දැක්ම මේ වන විට සකස් වෙමින් පවතී.
දිළිදු ජන සංඛ්‍යාව වැඩි වශයෙන් ජීවත්වන දිස්ත්‍රික්ක වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන අතර ආරම්භයේදී ගම් 1000 ක් ආවරණය කරමින් 2020 වර්ෂය වන විට ගම් 5000 ක් දක්වා ව්‍යාප්ත කිරීම සිදු වේ.
Add Comment