තාජුඩීන් ඝාතනය සිද්ධිය – ආනන්ද සමරසේකර අධිකරණයට භාර වෙයි..

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර අද (19)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබේ.

ආන්දෝලනයට ලක්ව ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස මොහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පසුගිය දිනයක දැනුම් දී තිබිණි. ඒ අදාළ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ආනන්ද සමරසේකර තොරතුරු වසන් කර ඇති බවට චෝදනා එල්ල වීමත් සමගය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top