උතුරේ යතුරු පැදිවලින් සැරි සරන කල්ලිය හමුදා බුද්ධි අංශ බවට ජනතාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කරද්දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා ඊට පිළිතුරු නොදී නැගිට ගොස් තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්ණ කර තිබේ.
මේ සම්බන්‍ධයෙන් තමන් කිසිවක් නොපවසන බවත්, මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්, සිද්ධිය සම්බන්‍ධයෙන් පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර, එම පරික්‍ෂණවලින් අනතුරුව කරුණු ප්‍රකාශ කළ හැකි බව අමාත්‍යවරයා පවසා තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment