හිටපු නියෝජ්‍ය ඇමැති රිය අනතුරකින් තුවාල ලබයි..

මහින්ද රාජපක්ෂ පාලන සමයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි ගීතාංජන ගුණවර්ධන මහතා ගමන් ගත් රථය අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ කොස්ගම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ගීතාංජන මහතාගේ රියේ ගැටුණු අනෙක් රථයේ තිබී ගංජා කිලෝ හතරක් හමු වූ බවත් එම රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුට ගෙන ඇති බවත් පොලීසිය පවසයි. ඔවුන් අද (22) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

එකිනෙක ගැටී ඇති මෙම රථ දෙක පැමිණ ඇත්තේද ප්‍රතිවිරුද්ධ දෙසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top