අලුත්වැඩියාවක් හේතුවෙන් නාවක්කුලිය සහ යාපනය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

අලුත්වැඩියාවක් හේතුවෙන් නාවක්කුලිය සහ යාපනය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර පාලමක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් හෙට (23) සිට ලබන 27 වැනිදා දක්වා දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර, යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර හෙට සිට අලුත්වැඩියාව අවසන් වනතෙක් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top