ඩොනල් ට්‍රම්ප් මානසික ආබාධිතයෙක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානසීක ආබාධිතයෙකු බව එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය චෝදනා කර තිබේ.

එම නිසා ඔහුව ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීම සඳහා විශ්වාස භංගයක් අමෙරිකානු පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන මූල්‍ය සැපයුමුකරු වන “ ස්ටේයාර් ” පවසා තිබේ.

අමෙරිකාව හා උතුරු කොරියාව අතර පවතින වාග් ප්‍රහාර නුදුරු දිනකදී යුද්ධයක් බවට පරිවර්තනය වනු ඇති බවත් එම තත්ත්වයට හේතුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බවත් ඔහු අධි මානසීක රෝගයකින් පෙළෙන බව ද “ ස්ටේයාර් ” පවසා තිබේ.

උතුරු කොරියාවට එරෙහිව සිය ට්වීටර් පිටුව මගින් ට්‍රම්ප් සිදු කරන ප්‍රකාශ ඔහුගේ එම රෝගී තත්ත්වය විදහා දක්වන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය තුල වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනා එල්ල කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top