සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ තීරණය දින දෙකකින්

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ විසඳුම ඉදිරි දින දෙක හෝ තුන තුළ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අවිස්සාවේල්ල, දෙහිඕවිට අභිනවාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ හා රන් වැට නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර මහා සංඝ රත්නය ඇතුළු පාර්ශවවල ඉල්ලීම්වලට අනුකූල වන පරිදි සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජය විසඳුම් ඉදිරිපත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගන්නා උත්සහයට ඇතැම් ඇමතිවරුන් බාධා එල්ල කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top