ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්, තරඟාවලියේ ජය පාකිස්තානයට

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවති අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් වී තිබේ. ඒ, අනුව ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහිව පැවති එක්දින තරග 5ම පරාජයට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වූ පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 103ක් ලබාගත් අතර, පිළිතුර ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 20 යි පන්දු දෙකකදී ලකුණු 105 ක් ලබා ජයග්‍රහණය තහවුරු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව ලැබූ 12වෙනි එක්දින ක්‍රිකට් තරග පරාජය මෙයවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top