කිලිනොච්චිය, පූනගරි ප්‍රාදේශිය ළේකම් කොඨාශයට අයත් ඉරණයිතිව් ප්‍රදේශයේ ඉඩම් මැනීමේ කටයුත්ත සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙහි අනුමැතිය පසුගිය බ්‍රහස්පතින්දා දින ලැබුණු බව පූනගරි ප්‍රාදේශිය ලේකම් එස්. ක්‍රිෂ්නේන්ද්‍රන් මහතා පවසයි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුහුදු සම්පත්වලින් සපිරුණු ප්‍රදේශයක් වන ඉරණයිතිව් ප්‍රදේශය තවඳුරටත් හමුදාව යටතේ පවතින හෙයින් එම ප්‍රදේශයේ සිට අවතැන්ව ගිය ජනතාව ඉරණයිමාතා ප්‍රදේශයෙහි රැඳී සිටිති.
1990දී යුද්දය හේතුවෙන් අවතැන්ව ගිය ජනතාව තම පාරම්පරික ප්‍රදේශයේ තමන්ව නැවත පදිංචි කරන ලෙස ඉල්ලා පසුගිය මැයි මස 1වනදා සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති. පසුගිය මාස පහකට අධික කාලයක් මෙලෙස සත්‍යග්‍රහයේ නිරතව සිටින අතර, දේශපාලන නායකයන් විශාල පිරිසක් පැමිණ පොරොන්දු ලබාදුන්නද තම ඉඩම්වලට යන තෙක් තම සත්‍යග්‍රහය පවත්වාගෙන යන බවට එම ජනතාව පවසා සිටීම විශේෂත්වයකි.
පසුගිය සැප්තැම්බර් මස 31වනදා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ජනතාවට අයත් ඉඩම් හඳුනාගෙන එය නිදහස් කිරීමට නාවික හමුදාව එකඟත්වය පළ කර තිබුණි.
ඒ අනුව පසුගිය 9-10-2017 දින ඉරණයිතිව් ප්‍රදේශයේ ඉඩම් මැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා තිබූ නමුත්, ඒ සඳහා අනුමැතිය ලබාදීමේ ප්‍රමාදයක් ඇතිවුණි.
මෙවැනි තත්වයකදී පසුගිය බ්‍රහස්පතින්දා දින ඒ සඳහා අනුමැතිය ලැබී ඇති බවත්, මේ සම්බන්ධයෙන් ඉඩම් මිනුම් දෙපාර්තුමෙන්තුවට දැනුම් දී ඇති බවද පූනගරි ප්‍රාදේශිය ලේකම්වරයා පවසා තිබේ.
ඉරණයිතිව් ඉඩම් මැනීමේ කටයුතු අද දින ආරම්භ කර ඇති බවත්, දින හයක කාලයක් රැඳී සිට එහි පළමු කොටසේ වැඩකටයුතු අවසන් කරන අතර, ඉතිරි වැඩ කටයුතු තවත් දිනක සිඳුකිරීමට තීරණය කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment