යාපනය විශ්ව විද්‍යාලයට ඉන්දියාවෙන් රුපියල් මිලියන 90ක් වටිනා වාහන හා උපකරණ..

ඉන්දිය රජයේ රුපියල් මිලියන 90ක වියදමින් වාහන හා උපකරණ යාපනය විශ්ව විදයාලයේ කිලිනොච්චිය කෘෂිකර්ම හා කාර්මික පීඨයට ලබාදී තිබේ. එම උත්සවය අද (23) දින පෙරවරුවේ කිලිනොච්චිය කෘෂිකර්ම පීඨයේදී පැවැත්වුණි.

ඒ අනුව, මිලියන 48ක් වටිනා අධි සුපෝපබෝගි බස් රථ දෙකක්, ඩබල් කැබ් රථයක්, සහ ට්‍රක්ටර් රථ ද අද දින විශ්ව විද්‍යාලයේ පරිපාලකයන් වෙත භාරදුන් අතර, තවත් වාහන හා උපකරණ කිහිපයක් ඉදිරියේදී ලබාදීමට නියමිත බව පැවැසේ.

යාපනය ඉන්දිය නියෝජ්‍ය තානාපති ආර්. නඩරාජන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ මෙය නිල වශයෙන් භාරදුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top