යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් උදය මැදිවෙල මහතා පත්කර ඇති බව වාර්තාවේ.
යුද හමුදාවේ 47 වන මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විශ්‍රාම ගැනීමෙන් මාස කිහිපයක් පුරප්පාඩුව තිබු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට ජනාධිපතිවරයා විසින් මෙලෙස මේජර් ජෙනරාල් උදය මැදිවෙල මහතා පත්කර තිබේ.
යුධ හමුදාවේ නියෝජ්‍ය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කල මේජර් ජනරාල් සුමේධ පෙරේරා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වී තිබු එම තනතුරට ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පත්කර ඇති බව වාර්තාවේ