මෙරට සංවර්ධන කටයුතු සඳහා සවුදි රජයෙන් ඇ.ඩො. මිලියන 73ක්

වයඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම් නංවාලීම හා කළු ගඟ වම් ඉවුර සංවර්ධනය යන ව්‍යාපෘති දෙක සඳහා සවුදි රජය විසින් ඇ.ඩො. මිලියන 73 ක සහනදායී ණයක් ලබාදී ඇත.

මේ සඳහා වන ගිවිසුම් දෙකකට ඊයේ (24) මුදල් අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා හා සංවර්ධනය සඳහා වන සවුදි අරමුදලේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ෆවුසි අල් සාවුද් මහතාද අත්සන් තැබූහ.

මෙම අවස්ථාවට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙහි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙහි, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයෙහි සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරන අමාත්‍යාංශයෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top