රුසියානු තානාපති ආරක්‍ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි..

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මටෙරි මහතා ඊයේ (24) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහත්වරු හමු විය.

මෙම හමුව ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු ව ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමග රුසියානු තානාපතිවරයා දෙරටට වැදගත් කරුණු රාශියක් පිළිබඳ සුහද කතා බහක නිරත ව ඇත.

මෙම අවස්ථාවට රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයාද සහභාගි ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top