ඉන්දියාවෙන් ආනයනය කළ සහල් සතොසට

හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට සහල් ලබාදීමේ අරමුණින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද සහල් තොගයක් දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් වෙත. බෙදා හැරීම අද (24) ආරම්භ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති නාඩු සහල් මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂයෙන්, මෙට්ට්‍රක් ටොන් දසදහසක් (10,000) මේ වන විට දිවයිනට ලැබී ඇති බවත්, එම සහල් තොග සතොස තොග ගබඩාවට ගෙනවිත් ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

එම සහල් තොග දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් වෙත බෙදා හැරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ලංකා සතොස අලෙවිසැල් මඟින් මෙම නාඩු සහල් කිලෝවක් රුපියල් 74ක මිලකට අලෙවි කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top