නව නාවික හමුදාපති එස්.එස්. රණසිංහ

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ 21 වන නාවික හමුදාපති ලෙස පත්වූ රණසිංහ මහතා නාවික හමුදා ආඥාපතිවරයා ලෙස ද කටයුතු කර තිබීම විශේෂත්වයකි.

නාවික හමුදාපතිවරයා ලෙස ට්‍රවිස් සින්නයියා මහතා මාස දෙකක පමණ කාලයක් කටයුතු කළ නමුත්, ජනාධිපතිවරයා විසින් ඔහුගේ ධූරය කාලය දීර්ඝ නොකිරීම විශේෂත්වයකි.

මෙම නව පත්වීම හෙට (26) සිට කි‍්‍රයාත්මක වන අතර මේ සමග රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ සිටියි. අදාළ පත්වීම් ලිපිය අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අතින් රණසිංහ මහතාට භාරදෙනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top