උතුර නැගෙනහිර පළාත්වල ප්‍රාදේශිය සභාවල සංඛ්‍යාව වැඩි කළ යුතු යැයි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඩග්ලස් දේවානන්දා මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
උතුරේ පළාත් පාලන ආයතනවල ප්‍රමිතිය ඉහළ දැමීමට පියවර ගත යුතු යැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබේ.
රජය විසින් නුවරඑළිය ප්‍රාදේශිය සභාවල සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති අවස්ථාවක ඩග්ලස් දේවානන්දා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන අතර, මරුදන්කේනි, කන්ඩාවලයි, ඔට්ටුසුට්ටාන් සහ මඩු වැනි දිස්ත්‍රික්ක ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශිය සභා පිහිටුවා නොමැති හෙයින් ප්‍රදේශයේ ජනතාව අපහසුතා රැසකට මුහුණ දෙමින් සිටින බවද හෙතෙම පවසා තිබේ.
කිලිනොච්චිය, මානිප්පායි, මුල්ලතිව්, චුන්නාගම්, නෙල්ලියඩි සහ සංකානයි වැනි නගරවලට නගර සභාවන් ලෙස පත්කළ යුතු යැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබේ.
Add Comment