නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – දෙජාස මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට තීරණය කරයි..

නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහානායක හිමිවරු සමඟ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා නියෝජිතයින් පිරිසක් කඩිනමින් ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන් මුණ ගැසී සාකච්ඡා කිරීමට ඊයේ (24) පැවති සාකච්ඡාවක දී එකඟතාවකට පැමිණ ඇත.

මහානායක හිමිවරුන් විසින් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ විවිධ පාර්ශවයන් විවිධ අදහස් පළ කරමින් සිටින බැවින් එහි සත්‍යතාව දැනගැනීම සඳහා මහානායක හිමිවරුන් මුණ ගැසිය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් සදහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top