කුඩ් ඊවිනිං නොකිව්වේ ඇයි කියා යාපනයේ පොලීසිය තර්ජනය කරලා..

thretingකියපු තැන නැවත්විය යුතුයි, නැතිනම් ඔබලාගේ අයට සිඳුවූ දේ තමයි ඔබලාටත් යැයි තරුණයන් දෙදෙනෙකුට පේදුරුතුඩුව පොලිස් නිළධාරීන් තර්ජනය කළ බව වාර්තාවේ.

පේදුරුතුඩුව සිට යාපනය බලා වාහනයකින් පැමිණි තරුණයන් දෙදෙනාව ඊයේ බදාදා දින පේදුරුතුඩුව පොලිසිය හරස්කර සෝදිසි කර තිබේ. එවිට පොලීසිය වාහනය නවත්වන්නැයි සංඥා කළ විට රියදුරා ටික දුරකින් මාර්ගය අවහිර නොවන පරිද වාහනය නවතා පැමිණ තිබේ. ඇයි අණ කළ සැණින් නැවැත්තුවේ නැත්තේ? ඇයි ගුඩ් ඊවිනිං නොකිව්වේ? කියපු තැන නවැත්විය යුතුයි නැතිනම් ඔබලාගේ අයට සිඳුවූ දේ දන්නවනේ යැයි දෙමළ භාෂාව කථා කරන පොලිස් නිළධාරිවරයා තර්ජනය කර තිබේ.

එම පොලිස් නිළධාරියාගේ නිළ අංකය 7812 යැයි තර්ජනයට ලක්වූ තරුණයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top