ජනාධිපති කොමිසමේ කාලය දෙසැම්බර් 08 දක්වා දීර්ඝ කෙරේ..

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2015 පෙබරවාරි මස 01 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා වූ කාල සීමාව එහි වර්තමාන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, තවත් ඉදිරි සති 06 ක කාලයක් දීර්ඝ කර තිබේ.

ඒ අනුව 2017 දෙසැම්බර් මස 08 වෙනිදා දක්වා දික් වු බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top