ඇලෝසියස් විදෙස්ගත වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා සිංගප්පුරුව බලා යාමට කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද ප්‍රතික්ෂේප කර තිබේ.

මීට පෙරදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ඇතුලු තව ත් පුද්ගලයින් 4 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කර තිබුණි. ඒ හේතුවෙන් අර්ජුන් ඇලෝසියස් මහතා නීතිඥයෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින්, හදිසි ව්‍යාපාරික අවශ්‍යතාවක් මත සිංගප්පුරුවට යාමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එයට විරුද්ධයත්වය පළ කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය අර්ජුන් ඇලෝසියය් මහතාට විදේශගත වීම සඳහා අවසර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top