කිලිනොච්චිය පොදු වෙළඳ සංකීරණය ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මිලියන 150ක මුදලක් අස්තමේන්තු කර පළමු අදියරයට වෙන් කළ මිලියන 80ක මුදල නිවාස ව්‍යාපෘතිය සඳහා යෙදවිමට තීරණය කර ඇති බව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි..
මේ පිළිබඳව වැඩිදුරටත් වාර්තාවන්නේ..
කිලිනොච්චිය පොදු වෙළඳපොලයෙහි ධීවර හා එළවළු වෙළඳසැල් සංකීරණය පසුගිය 2012 වසරේදී විවෘත කෙරුණි. අනෙකුත් වෙළඳසැල් තාවකාලික ස්ථානවල පවත්වාගෙන යන අතර, බුලත, පළතුරු හා පොල් ඇතුළු වෙළඳසැල් කිහිපයක් සඳහා වූ ගොඩනැගිල්ලක් ඉදිකර එයද විවෘත කර තිබුණි.
අනෙකුත් වෙළඳසැල් සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නැවත පදිංචිකිරීම හා පුනරුත්ථාපන අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 150ක අස්තමේන්තුවක් ඉදිරිපත් කර එයින් පළමු අදියරය සඳහා මිලියන 80ක මුදලක් අමාත්‍යංශය විසින් වෙන්කර ද තිබුණි.
මෙවැනි තත්වයකදී නගර සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 767ක වියදමින් මහල් තුනකින් යුතු විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා කර තිබුණි. නමුත් ව්‍යාපාරිකයන් මහල් ගොඩනැගිළි සංකීර්ණය තමන්ට නොසුදුසු බව පවසා තිබුණි.
Add Comment