ප්රජාතන්ත්රවාදී නිදහස වැරදි ලෙස භාවිතා කරමින් ෆේස්බුක් ඇතුළු වෙබ් අඩවි මඟින් රට පිළිබඳව වැරදි චිත්‍රයක්. ලෝකය හමුවේ මවා පා ඇති බවත් එහෙත් එම තත්වයට වඩා රටේ සැබෑ තත්වය ඉදුරාම වෙනස් බවත් කටාර්හි සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ එරට ශ්‍රී ලාංකිකයන් හමු වූ අවස්ථාවේ පැවැති සුහද හමුවකිදීය.
ශ්‍රී ලංකාව දෙකඩ කරන බවටත් බුද්ධශාසනයට හිමි තැන අහිමිකරන බවටත් ෆේස්බුක් ඇතුළු වෙබ් අඩවි මඟින් ගෙනයන ප්‍රචාරය මුළුමනින් අසත්‍යයක් බවත් එය වෙනයම් අරමුණක් මුල්කොට සිදුකරන ලද්දක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
වත්මන් රජය ජනතාවගේ අභිවෘද්ධිය තකා තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට කටයුතු කරන අතරේ ඇතැම් පිරිස් එම තාක්ෂණයම භාවිතා කරමින් රටේ ගෞරවය කෙලෙසීමට උත්සාහ කරන බව කී ජනාධිපතිවරයා එම තත්වය වටහා ගෙන බොරු ප්‍රචාරවලට නොරැවටී ආණ්ඩුව හා තමන් පිළිබඳව විශ්වාස කර කටයුතු කරන මෙන් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
රට දෙකඩකිරීම ජාතීන් අතර බේද ඇතිකිරීම වෙනුවට සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි වාතාවරණයක් සකස් කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදි ද මුළුමනින්ම ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රමයක් අනුගමනය කරන බව අවධානය කළේය.
කටාර්හි විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
Add Comment