ලෝක බෞද්ධ මහා සම්මේලනය 2 දා සිට ශ්‍රී ලංකාවේදී

හත්වෙනි ලෝක බෞද්ධ මහා සමුළුව නොවැම්බර් 02 වැනි දින සිට 07 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47 ක ප‍්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප‍්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට සහභාගිවීමට නියමිතය.

” ලෝක සාමය උදෙසා බුදු දහම” යන තේමාව යටතේ ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුවේදී ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම සඳහාත්, ලෝකය පුරා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් වන ප‍්‍රකාශයක් එළිදැක්වීමට ද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top