කැටලෝනියාවේ නිදහස් ප්‍රකාශනය ශ්‍රී ලංකා ප්‍රතික්‍ෂේප කරයි..

ස්පාඤ්ඤයේ කැටලොනියා ප්‍රාන්තය වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිනගෙන්නා බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

කැටලොනියාව ස්පාඤ්ඤයේ වෙන්කළ නොහැකි කොටසක් ලෙස පමණක් පිළිගන්නා බවත්, ස්පාඤ්ඤයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවට අවිවාදයෙන් සහාය පළ කරන බවද සඳහන් කර තිබේ.

ඒමෙන් පවතින අර්බුදය ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාවට අනුව සාකච්ජා මාර්ගයෙන් පමණක් විසදාගනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්‍ෂා කරන බව එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top