SRILANKAN NEWS

යාපනය විශ්ව විද්‍යාලයේ සියළු දොරටු වසා දැමේ – විරෝධතාවය දිගටම…

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර යාපනය විශ්ව විද්‍යාලයේ සියළු කටයුතු අඩාලන වන අයුරින් විශ්ව විද්‍යාලයේ සියළු දොරටු වසා දමා විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අද පෙරවරුවේ එක්රැස් වූ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් ඇතුළු සරසවි ප්‍රජාව යාපනය විශ්ව විද්‍යාලයේ දොරටු වසා දමා වර්ෂාව මැද සිය විරෝධතාවය ආරම්භ කර තිබේ.

බන්‍ධනාගාරවල වසර ගණනාවක් තිස්සේ කිසිඳු විභාගයක් නොමැතිව රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි, ආහාර වර්ජනය කරමින් සිටින දේශපාලන සිරකරුවන්ගේ සාධාරණීය ඉල්ලීමට විසඳුමක් ලබාදිය යුතුයි, බන්‍ධනාගාරවල දුක් විදින දේශපාලන සිරකරුවන් ගැන කිසිඳු උනන්දුවක් නොමැතිව සිටින දෙමළ දේශපාලන නායකයන් අදාළ බලධාරින් වෙත බලපෑම් කර සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් වගකිව යුතුයි, යන ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් සරසවි ප්‍රජාව මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.