මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඇතුළු පිරිසක් ලබන මස 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

අධිකරණ නියෝග නොතකා හම්බන්තොට දී කළ උද්ඝෝෂණයක් සම්බන්‍ධයෙන් පසුගිය 6 වැනි දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් 30 දෙදෙනාගෙන් එක් අයකුට ඇප ලබාදී ඉතිරි 31 දෙනා නොවැම්බර් 13 වැනිදා දක්වා මෙලෙස යළි රිමාන්ඩ් කිරිමට නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප නියම කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද අද දින අධිකරණයේ පෙනී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top