කිලිනොච්චියදී මහවිරු දිනය සඳහා කාර්‍ය සාධක කණ්ඩායමක් පත් කරයි..

ලබන මස පැවැත්වීමට නියමිත මහවිරු දින උත්සවය සැමරීම සඳහා කිලිනොච්චිය දී මහවිරු දින කාර්‍ය සාධක කණ්ඩායමක් පත්කර තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්ක තමිලරසු පක්‍ෂයේ උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපදිපිල්ලයිගේ නායකත්වයෙන්, පක්‍ෂයේ හිටපු කරයිච්චි ප්‍රාදේශිය සභා මන්ත්‍රී කුමාරසිංගම් ලේකම්වරයා ලෙස ද, පක්‍ෂයේ ප්‍රාදේශිය හා ග්‍රාමීය සංවිධායකයන් සාමාජිකයන් ලෙස ද පත්කොට මෙම කාර්‍ය සාධක කණ්ඩායම පිහිටුවා තිබේ.

එම කණ්ඩායමේ මාධ්‍ය හමුවක් ඊයේ (29) දින උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපදිපිල්ලයිගේ කිලිනොච්චිය කාර්‍යාලයදී පැවැත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top