කිලිනොච්චිය දී නව පක්‍ෂයක් අරඹයි..

දෙමළ ජාතික ප්‍රජාතාන්ත්‍රික සටන්කාමීන් යන නමින් කිලිනොච්චියදී අද දින නව පක්‍ෂයක් ආරම්භ කර තිබේ. කිලිනොච්චියේ පිහිටි පුද්ගලික ශාලාවකදී එහි උත්සවය පැවැත්වුණි. මහවිරුවන් දෙදෙනෙකුගේ මවක් විසින් පහන් දැල්වීමෙන් අනතුරුව කතෝලික පියතුමන් සහ නව පක්‍ෂයේ නායකයා ඇතුළු පිරිස පහන් දල්වා සමාරම්භක කටයුතු ආරම්භ කළේය.

ප්‍රජාතාන්ත්‍රික සටන්කාමීන් පක්‍ෂය නමින් වෙනම පක්‍ෂයක් ක්‍රියාත්මක වන අතර, දෙමළ ජාතික ප්‍රජාතන්ත්‍රික සටන්කාමීන් යන නමින් මෙම නව පක්‍ෂය ආරම්භ කර තිබේ. මෙම අවස්ථාවට හිටපු කොටි සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top