SRILANKAN NEWS

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වැරදි මත දුරලීමට පියවර 03 ක් වෙත යොමුවන බව ජනපති පවසයි

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඇතැමුන් තුළ පවතින වැරදි මත නිවැරදි කර ගැනීම සඳහා ඉදිරියේදී ප‍්‍රවේශයන් 03 ක් වෙත යොමු වීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූදෙනාගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම, සියලූම ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික සමුළුවක් කැඳවීම සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන රටේ සියලූ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සමුළුවක් කැඳවීමට කටයුතු කෙරෙනු ඇති.

එහිදී යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු සංවාදයට, සාකච්ඡාවට සහ සංශෝධනයන්ට ලක් කරමින් පවතින ගැටලූ නිරාකරණය කරගත හැකිවනු ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති සහජීවන සංගම් හා ජාතික සිවිල් සමාජ සම්මේලන කි‍්‍රයාකාරින්ගේ හමුව අමතමිනි.

පිල්වලට බෙදී උද්ඝෝෂණ කළ පමණින් රටේ ගැටලූ විසඳාගත නොහැකි බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා බෙදීම සහ වෙන්වීම තුළින් ජනතාව සේම රට ද දිනාගත නොහැකි අතර, අද අවශ්‍යව ඇත්තේ සියලූදෙනා අවබෝධයෙන් කටයුතු කරමින් මතුව ඇති ගැටලූවලට විසඳුම් සෙවීම බව ප‍්‍රකාශ කළේය.

බොහෝ ප‍්‍රශ්න අවුල්කරන අයට එම ප‍්‍රශ්න විසඳීමේ හැකියාවක් නොමැති අතර එකම මේසයක වාඩිවී රට ගැන සැබෑ හැඟීමකින් යුතුව සියලූ ප‍්‍රශ්න සාකච්ඡා කිරීමට තමා ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, උගතුන්, බුද්ධිමතුන් සියලූදෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බව ද ප‍්‍රකාශ කළේය.

වෙඩි හඬ කිසිදිනක යළි රට තුළ ඇතිනොවීමට වගබලා ගැනීම සියලූදෙනාගේ වගකීම වන අතර සාධාරණ සමාජයක් තුළ සියලූ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීමේ වගකීම ඉටුකිරීමට සියලූදෙනා සාමුහිකව එක්විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජාතික සහජීවන සබඳතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර හොඳම සහජීවන සංගම් ඇගයීම සඳහා සහතික පත් පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පූජ්‍ය මහගල්කඩවර පුණ්‍යසාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන් ද, අමාත්‍ය මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, තානාපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත් පිරිසක් මීට එක්ව සිටියහ.