දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්‍ධයෙන් විග්නේෂ්වරන්ගෙන් චන්ද්‍රිකාට ලිපියක්..

දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්‍ධයෙන් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ලිපියක් යවා ඇති බව වාර්තාවේ.

අනුරාධපුරය බන්‍ධනාගාරයේ ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ඇතුළු සියළු දේශපාල සිරකරුවන් සම්බන්‍ධයෙන් කඩිනමින් මැදිහත්වී යහපත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සහාය වන ලෙස එම ලිපිය මඟින් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් පසුගිය 16වනදා යවන ලද එම ලිපියට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top