අරියාලයි තරුණයාගේ ඝාතනය – පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරෙන් සාක්ෂි මතුවෙයි..

යාපනය, අරියාලයි නැගෙනහිර මනියම්තෝට්ටම් හංදියේදී තරුණයෙකුට වෙඩි තැබූ පොලිස් විශේෂ කාර්‍ය බලකාය භාවිතා කළ ගිනි අවිය, ත්‍රීරෝද රථය සහ යතුරු පැදිය කොළඹ අපරාධ විමර්ශණ ඒකකය විසින් සොයාගෙන තිබේ.

යාපනය, පන්නයි මාර්ගයේ පිහිටි පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුරේ තිබී ඊයේ දින රාත්‍රී මෙය සොයාගෙන තිබේ.

පසුගිය මස 22 වනදා යාපනය අරියාලයි නැගෙනහිර මනියම්තෝට්ටම් පළමු පටුමගදී 24 හැවිරිදි ඩොන් බොස්කෝ රික්මන් නැමැති තරුණයා සිවිල් ඇඳුමින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top