මට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතනය : සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර

court- නියෝග- අධිකරණයමට්ටක්කුලිය, සමිට්පුරදී පුද්ගලයින් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 11 දෙනා ලබන 31 වන දා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දී තිබේ.

අද (27) දින සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව මෙලෙස අවසර ලබාදී තිබේ.

පසුගිය 23 වනදා මට්ටක්කුලියේ සිදුවූ වෙඩි තැබීමෙන් සමිට්පුර ප්‍රදේශයේ පදිංචි නුවන් සංජීව පෙරේරා, මොහොමඩ් හුසේන් මොහොමඩ් නසාර්, ප්‍රසාද් චතුරංග පෙරේරා සහ දෙනුවන් යන පිරිස මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරන ලදි. පාතල කල්ලි දෙකක් අතර පැවති ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top