තිරසර දැක්ම විද්වත් කමිටු වාර්තාවේ කෙටුම්පත ජනපතිට

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබද විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්හි සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබද තිරසර සංවර්ධන දැක්මක් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා විසින් පසුගිය ජනවාරි මාසයේ විශේෂඥ කමිටුවක් පත්කරන ලද අතර එම කමිටුවේ සභාපතීත්වය දරනුයේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාය.

මෙවැනි තිරසර සංවර්ධන දැක්මක් ශී‍්‍ර ලංකාව තුළ සම්පාදනය කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර එම කෙටුම්පත මහජන මත විමසීමක් සදහා ලබන ජනවාරි මාසයේ ජාතික තිරසර කතිකාව නමින් ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top