සයින්තමරුදු ප්‍රදේශයේ අද තෙවන දිනටත් පූර්ණ හර්තාල්

සයින්තමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශිය සභාවක් පිහිටුවා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද බදාදා දින තෙවන දිනටත් පූර්ණ හර්තාල් ව්‍යාපාරය දියත් කර තිබේ.

මේ හේතුවෙන් සයින්තමරුදු නගරයේ වෙළඳසැල්, කාර්‍යාල, බැංකු, පාසල් ඇතුළු සියළු ආයතන වසා දමා ඇති අතර, පොදු ප්‍රවාහන කටයුතු ද සම්පූර්ණයෙන් අඩාලවී තිබේ. සයින්තමරුදු ප්‍රදේශය පුරා කලු කොඩි දමා තිබේ.

සයින්දමරුදු මහ ජුම්මා මස්ජිදය ඉදිරිපිට පසුගිය සඳුදා දින ආරම්භ කළ සත්‍යග්‍රහය තවඳුරටත් පවත්වාගෙන යන අතර, සයින්තමරුදු ප්‍රදේශයේ ඉල්ලීමට සහාය පළ කරමින් මාලිකයිකාඩු ප්‍රදේශයේ දී ද හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

Image may contain: outdoor

Image may contain: outdoor

Image may contain: sky and outdoor

Image may contain: one or more people and outdoor

Image may contain: one or more people, people walking and outdoor

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top