ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවෙයි

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගනු ලැබූ තීන්දුව අද(02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබීය.

ද්විත්ව පුරවැසියෙකු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබීය.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වනදින ප්‍රකාශයට පත් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top