SRILANKAN NEWS

සංහිඳියාව නොමැතිව ආර්ථික සංවර්ධනයක් කළ නොහැක – චන්ද්‍රිකා කුමාරතුංග

රටේ සංහිඳියාව ඇති කරන්නේ නැතිව අර්ථික සංවර්ධනයක් සිදු කළ නොහැකි බවත් ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටි සිංගප්පූරුව අද දියුණු සංවර්ධිත රටක් බවට පත් වී ඇත්තේ ලී ක්වාන් යූ අගමැතිවරයා විසින් එරටේ සංහිඳියාව ඇති කළ නිසා බවත් හිටපු ජනාධිපති, හා ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා තිබේ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (1) පැවැති, සමස්ත ලංකා පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ තෑගි සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගිවෙමින් ඇය මේ බව පවසා තිබේ.

1948 දී නිදහස ලැබෙන විට මේ රටේ සංහිඳියාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නැහැ, එකල සිංහල දෙමළ මුස්ලිම් හා බර්ගර්, මැලේ අදී සියලු ජාතීන් නිදහස ලබාගැනීම සඳහා එකමුතුව ක්‍රියාකළා, මේරටේ ජාතිවාදී ගැටුම් ආරම්භ වූයේ 1956 න් පසු බව පෙන්වා දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එදා සිට මේ දක්වා පැවැති කිසිදු රජයක් අන්තවාදීන්ගේ බලපෑම් හේතුවෙන් එම ප්‍රශ්න නිරාකරණය කිරීමට මැලි වු බව ද වැඩිදුරටත් පවසා තිබේ.