මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 8ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (5) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද, ධීවරයින් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතද රැගෙන ඇවිත් තිබේ.

එම ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top